gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජගිරිය ගුවන් පාලම අද විවෘත කරයි

2016 වසරේ අපි‍්‍රයෙල් මස 19 දින ඉදිකිරීම් ආරම්භ කල රාජගිරිය ගුවන් පාලම මාස 32 ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට යෝජනා වී තිබුණි.

ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලගේ අධීක්ෂණය හා මාර්ග සංවර්ධන
අධිකාරියේ කාර්යක්ෂමතාවයත් මත මාස 20 ක් වැනි කෙටි කාලයක් තුලදී සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත.

එලෙස ඉදිකිරීම් අවසන් කල රාජගිරිය ගුවන් පාලම, ශ‍්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ දීර්ඝතම ගුවන් පාලම ලෙස අද දින (ජනවාරි මස 08) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරධනයෙන්, ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

දිගින් මීටර 533ක් වන ගුවන් පාළම රුපියල් මිලියන 4,514.77ක ආයෝජනයකින් ඉදිකර ඇත.

මංතීරු 04 ක් ලෙස නිර්මාණය කර ඇති පාළමට මීටර 180 ක පිවිසුම් මාර්ගයක් සහ සමාන්තර පදික වේදිකා 02 ක් ද මීට අන්තර්ගතව ඇත.

මාධ්‍ය එ්කකය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka