මේ වසරේ සිට වාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි තරංග හැඳුනුමක් (RFID – Radio Frequency Identification) එක් කිරිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලැසුම්කර තිබේ.
මේ ක්‍රමවේදය මේ වන විට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ
ක්‍රියාත්මක කරන බව එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
ඒ අනුව දැනට වාහන සඳහා මෝටර් රථ ප්‍රරවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩුව වෙනස් කරමින් ලබන වසරේ සිට ඒ සඳහා නව පහසුකමක් එක්කිරීමට නියමිත බව පැවසේ.
අංක තහඩු මුද්‍රණයට අනුමැතිය දී ඇති ආයතනයේ ටෙන්ඩර් කාලසීමාව ලබන වසරෙන් අවසන්වීමට නියමිතව ඇති අතර ඒ අනුව ලබන වසරේ දී අලුතින් ටෙන්ඩර් කැඳවීමේ දී නව උපාංගය සහිතව අංක තහඩු මුද්‍රණය කිරීමට හැකි සපයන්නකු තෝරාගැනීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
විද්‍යුත් තරංග නම්බර්ප්ලේට් දීම ඇරඹෙයි !
2018-01-02T14:59:00+05:30
Gossip Lanka Hot News
slide|