ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නාමය යටතේ ඉන්ධන බෙදා හරිනු ලබන රාජගිරිය නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සියලුම පොම්පවලට සීල් තැබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.
බවුසර් රථයකට ඉන්ධන හලේ පොම්පයකින් භූමිතෙල් පිරවීමේ
චෝදනාවක් යටතේ එම සීල් තැබීම සිදුකර ඇත.
ඉන්ධනහලක පොම්පයකින් බවුසරයකට තෙල් නිකුත් කිරීම නීතිවිරෝධී කටයුත්තක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකය පෙන්වාදෙයි.
මෙම ඉන්ධනහල රාජගිරිය නාවල පාරේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ආසන්නයේ පිහිටා ඇති අතර එය පරීක්ෂණ අවසන් වන තුරු වසා තැබෙන බව විශේෂ වැටලීම් ඒකකය තව දුරටත් කියා සිටියේය.
බවුසරයට තෙල් පිරවූ ඉන්ධනහල සීල්
2018-01-18T11:30:00+05:30
Gossip Lanka Hot News
slide|