gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්දටයි රෝහිතටයි රට යන්න අවසරයි

දේපළ වංචා චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගතවීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අධිකරණය භාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමටද නියම කළේය.

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.

ඒ අනුව පෙබරවාරි මස 18 වැනිදාත්, මාර්තු මස 05 වැනිදාත් අතර කාලය තුළ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගත වීමට අවසර දුන් විනිසුරුවරයා රුපියල් ලක්‍ෂයක බැඳුම්කරයක් මත ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමටද නියම කළේය.

2004 මාර්තු මස 31 වැනිදාත්,2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම්වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.

මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය සැසිවාරයකට සහභාගි වීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්‍ෂයක බැඳුම්කරයක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (17දා)නියම කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අලුත්ගමගේ මහතාට විදේශගතවීම සඳහා වීසා බලපත්‍රය ලබාගැනීමට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය වී ඇති හෙයින්, එය මුදාහරින්නැයි කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka