gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිදහස් සමරුවට අලුත් 1,000 නෝට්ටුවක්

70 වැනි නිදහස් සැමරුම නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 1000ක වටිනාමකින් යුත් සමරු නෝට්ටුවක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන සිවු වැනි සමරු නෝට්ටුව මෙය ලෙස මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙනුයේ මෙම නෝට්ටුවේ වම්පස කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය සහ 70 වැනි නිදහස සැමැරීම පිළිබඳව සටහන් යොදා ඇති බවයි.

එසේම එකොළොස්වැනි කාණ්ඩයේ දහසේ (1000) නෝට්ටුවේ මැද යොදා තිබූ රම්බොඩ උමඟේ ඡායාරූපය වෙනුවට පන්සල, මුස්ලිම් දේවස්ථානය, කෝවිල සහ ක්‍රිස්තියානි පල්ලිය දිස්වන ලෙස රූප යොදා ඇති බවය.

මෙම නව සමරු මුදල් නෝට්ටුව පෙබරවාරි 6දා සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka