gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නේවි සම්පත් හඳුනාගත්තොත් කියන්න

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් එකළොස් දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ඡායාරූපයේ සිටින හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇති බැවින් ඔහු
සොයාගැනීම සඳහා ‍පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

වැල්ලම්පිටිය, වැල්ලවත්ත අංක 54/1 ලිපිනයේ පදිංචිව සිටි මොහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තෙවරක්ම වරෙන්තු නිකුත් කර ඇත.

මොහු එවකට නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලයේ සිටිමින් මෙම ක්‍රියාව කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ‍පොලීසිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය - 011- 2422176
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 011- 2320141- 145
සමූහ මංකොල්ල අංශය - 011- 2393621

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka