gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ දරුවෝ වැඩි වෙයි

පසුගිය වර්ෂය තුළ යාපනය ශික්‌ෂණ රෝහල තුළ නව දරු උපත් 5746 ක්‌ සිදුව ඇතැයි යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරි පී. සත්‍යමූර්ති මහතා පවසයි.

ඉකුත් වසර කීපය හා සසඳා බලන විට යාපනයේ දරු උපත් සංඛ්‍යාවේ
12% ක පමණ වැඩිවීමක්‌ 2017 වර්ෂය තුළ දක්‌නට ඇති බව ද වෛද්‍ය අධිකාරිවරයා පවසයි.

මේ අතර යාපනය ශික්‌ෂණ රෝහලේ මළ දරු උපත් සංඛ්‍යාව 1% ක්‌ පමණ වීම පිළිබඳව රෝහල් කාර්ය මණ්‌ඩලය සතුටට පත් වන බව පෙන්වා දෙන වෛද්‍ය අධිකාරීවරයා ඩෙංගු හා පසු ගිය දිනවල යාපනය පුරා පැතිර ගිය වෛරස්‌ උණ රෝගය නොවන්නට පළාතේ වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් මට්‌ටමකින් පවතින බවද කියා සිටියි. යාපනය ශික්‌ෂණ රෝහලේ පහසුකම් වර්ධනය වී තිබීම ජනතාවට හොඳ සෞඛ්‍ය තත්ත්වයක්‌ පවත්වාගෙන යැමට ඉවහල් වී ඇති බවද දැනට රෝහල තුළ වෛද්‍යවරුන් ඇතුළුව 1700 කගේ පමණ සේවක සංඛ්‍යාවක්‌ සිටින බවද වෛද්‍ය අධිකාරිවරයා පෙන්වා දෙයි.

යාපනය රෝහලෙන් දිනකට රෝගීන් 900 ත් 1200 ත් අතර ප්‍රමාණයක්‌ ප්‍රතිකාර ලබා ගන්නා බවත්, රෝහල තුළ වෛද්‍ය සායනවලින් සතියකට 2200 ක්‌ පමණ ප්‍රතිකාර ලබා ගන්නා බවත් සත්‍යමූර්ති මහතා වැඩි දුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka