gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපුර හෙද වර්ජනයෙන් ජාතික රෝහල් හෙදියෝ ලෙඩ වෙයි

ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්‌ඩලය විසින් ආරම්භ කර තිබෙන වැඩවර්ජනයට සහාය පළ කරමින් කොළඹ ජාතික රෝහලේ සියලුම හෙද කාර්ය මණ්‌ඩලයද අද (11 වැනිදා) ලෙඩ නිවාඩු වාර්තා කර ඇතැයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

අක්‌ෂි රෝහලේ සියලුම හෙද කාර්ය මණ්‌ඩලයද අද එක්‌ දින වර්ජනයක
නිරත වන බවද උන් වහන්සේ කීහ.

ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරිය ගෙන තිබෙන අත්තනෝමතික ක්‍රියාව පැය 24 ක්‌ ඇතුළත විසඳීමට ආණ්‌ඩුව කටයුතු නොකළහොත් දීප ව්‍යාප්ත වර්ජනයකට යන බව උන්වහන්සේ නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (10 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.

වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේදී ජයවර්ධනපුර පාලනාධිකාරිය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කර ඇතැයිද තර්ජන ගර්ජන කරමින් ප්‍රශ්න විසඳීමට උත්සාහ නොකරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටිති.

ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ හිතුවක්‌කාරී ක්‍රියාවන් මත මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයිද ඔහුගේ පත්වීම දේශපාලන පත්වීමක්‌ බවද උන්වහන්සේ කීහ.

හෙද නිලධාරීන් විසින් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට සාධාරණ විසඳුමක්‌ ලබාදීම ආණ්‌ඩුවේ වගකීම බවද එසේ නොකළහොත් අකැමැත්තෙන් වුවද දීපව්‍යාප්තව වෘත්තීය සටනක්‌ ගෙන යන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka