gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිළිඳිය ඉපදී දවස් 3 යි බස් හෝල්ට් එකේ දමා ගිහින්…

ඉපිද දින තුනක් පමණ වයසැති කුඩා බිළිඳියක කිලිනොච්චිය රෝහල ඉදිරිපිට බස් හෝල්ට් එකක් තුළ දමාගොස් සිටියදී  (10) ප‍්‍රදේශවාසීන් පිරිසකට හමුව ඇති බව කිලිනොච්චිය පොලිසිය කියා සිටියේය.

ඉපදී දින තුනක් පමණ වන කුඩා බිළිඳිය රෙදිකඩ කිහිපයකින් ඔතා
බස්හෝල්ට් එක තුළ දමා ගොස් සිටි බවත් උදෑසන බස්රථ වලින් රාජකාරී සඳහා ගමන් කිරීමට පැමිණි පිරිසක් දැක ඇතැයිද පොලිසිය පැවසුවේය.

මෙසේ හමු වූ බිළිඳිය කිලිනොච්චිය මහ රෝහලේ ළඳරු ඒකකය වෙත ඇතුළත් කළ බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කිලිනොච්චිය පොලිසිය පැවසූයේ බිළිඳිය ගෙනවිත් දැමූ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ප‍්‍රදේශයේ සී.සී.ටී.වී දර්ශනද පරීක්ෂා කිරීම් සිදුකරන බවත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka