gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියගේ පයිප්ප නඩුව පෙබරවාරි 14 දා

ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ජි.අයි .පයිප්ප 600ක් මිළ ට ගැනිමෙන් රුපියල් 990,000ක මුදලක් ආණ්ඩුවට පාඩු වු බව පවසමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට එරෙහි අල්ලස් නඩු විභාගය පෙබරවාරි 14 වන දිනට විභාගයට ගැනිමට
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා ඊයේ (10) නියම කෙළේය.

ස්ථිර මහෙස්ත්‍රාත්වරයා නිවාඩු ලබා ගෙන ඇති බැවින් මෙම නඩු විභාගය මෙසේ කල් දමා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර පාර්ලිමේන්තු සැසියට සහභාගිවන බව දන්වමින් නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසට අධිකරණයෙන් ඔහුගේ නීතිඥවරයා ඉල්ලිමක් ද කළේය.

මෙහිදි හතරවන සාක්කිකරු වු රූපවාහිනි සංස්ථා‍වේ හිටපු අලෙවි අධ්‍යක්ෂ සහන් ප්‍රියන්ත දළුවත්ත මහතා අත්අඩංගුවට ගැනිමට අධිකරණය විසින් ඉකුත් ඹක්තෝබර් 3 වන දින නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවිමට ද අධිකරණය නියෝග නිකුත් කෙළේය.

ඉකුත් වසරේ මාර්තු මස මුලික විරෝධතා ඉවතලා නඩුව විභාගයට ගැනිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය තිරණය කරමින් සාක්කිකරුවන් වෙත සිතාසි නිකුත් කළාය.

තෙවන සැකකරු විසින් ගොනු කර තිබු මුලික විරෝධතා සම්බන්ධ නියෝගය ඊයේ ප්‍රකාශයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය චුදිතට එරෙහි චෝදනා තිරණය කළ යුත්තේ මහෙස්ත්‍රාත්වරයා බවත් එය නිවැරදිව කෙටුම්පත් කර ඇති බව පවසමින් අදාළ විරෝධතා බැහැර කොට නඩුව විභාගය සඳහා දින නියම කෙරිණ.

මෙහිදි සාක්කිකරුවන් වන ශ්‍රි ලංකා රූපවාහිනි අධ්‍යක්ෂක සහන් ප්‍රියන්ත දළුවත්ත හා සහකාර අධ්‍යක්ෂ හෙට්ටිගේ අනුර නිශාන්ත යන අයට ලබන පෙබරවාරි 14 වන දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට අවවාද කෙරිණ.

වර්ෂ 2014/12/02සිට 2014/12/10 යන කාලසිමාවට අදාළ ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවට ප්‍රවර්ධන වැඩසටහනක් සදහා ජි.අයි පයිප්ප 600ක් ලබා ගැනිමේන රුපියල් 999,000 පාඩුවක් ආණ්ඩුවට කළ බව සඳහන් කරමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල,රුපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ දෙල්වක්කඩ ලියනගේ චන්ද්‍රපාල.ගණකාධිකාරි විමලසේන රූබසිංහ යන අයට විරුද්ධව අල්ලස් කොමිසම විසින් මේ නඩුව පවරා තිබිණ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka