gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බාලම චීන කෝටිපතියත් ලංකාවට ඇහැ ගහයි

නව තාක්‍ෂණික නිර්මාණ පිළිබඳ කර්මාන්ත ආරම්භ කිරීමේ අරමුණින් චීනයේ ලාබාලම කෝටිපති ව්‍යාපාරික කායි සියෝරු මහතා මෙරටට පැමිණ තිබේ.

කායි සියෝරු මහතා සේවකයන් දහස්‌ ගණනක්‌ සේවය කරන චීනයේ ටාට්‌වෝ ආයතනය ඇතුළු සමාගම් ගණනාවක සභාපතිවරයා වේ.
විදේශගත කර්මාන්තශාලා ආරම්භ කිරීම කායි සියෝරු මහතාගේ අරමුණවී ඇති අතර ඒ අරමුණු පෙරදැරිව ඉකුත් 09 වැනිදා මෙරටට පැමිණියේය.

ඔහු හෙට (13 වැනිදා) දක්‌වා මෙරට රැඳී සිටිනු ඇත. මෑත කාලයේ කර්මාන්ත ආයෝජනය සඳහා මෙරටට පැමිණි චීන කෝටිපති ව්‍යාපාරිකයා කායි සියෝරු මහතාය.

කායි සියෝරු මහතාගේ ටාට්‌වෝ ආයතනයට අනුබද්ධිත දෙවැනි පෙළ සමාගමක්‌ වශයෙන් 2015 වසරේදී ජින්රුයි සියැන් සමාගම ආරම්භ කර තිබේ. එම සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය ඩිජිටල් රූපවාහිනි, අන්තර්ජාල ටීවී, මදර්බෝඩ් සහ අන්තර්ජාල සෙට්‌ටොප් බොක්‌ස්‌ නිෂ්පාදනය වේ. එම ව්‍යාපාරයේ කටයුතු දැවැන්ත ලෙස ව්‍යාප්ත වීමෙන් පසු විදේශ ගතව කර්මාන්තශාලා පිහිටුවීමට ඒ මහතා තීරණය කර තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka