gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල පළාත් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ නාහිමියන් අපවත් වේ

කුරුණෑගල පළාත් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ,  සාරසියපත්තුවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, මාරතුගොඩ ධම්මානන්දාභිදාන නාහිමියන් අපවත් වී තිබේ.

වයස අවුරුදු 72ක් ආයු වැළදූ උන්වහන්සේ, මහනුවර මහ රෝහලේ
ප්‍රථිකාර ලබමින් සිටිය දී ඊයේ පස්වරුවේ දැයෙන් සමු ගත්තේය.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අමිල සේවයක් කල උන්වහන්සේ අධ්‍යාපන අමාත්‍යංශ සම්භාෂා අධ්‍යාපන ප්‍රකාශනයේ සංස්කාරකවරයෙකු ලෙස ද කලක් කටයුතු කලේය.

දැයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිනු වස්, දිවයින පුරා අධ්‍යාපන ආයතන, පිරිවෙන් මෙන්ම පූජනීය ස්ථාන ආරම්භ කිරීමේ ද නිර්මාතෘවරයෙකි.

උන්වහන්සේ ශ්‍රි දේහය මේ වන විට මාරතුගොඩ විදුමිණ පිරිවෙන් විද්‍යායතන ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය 2015,01,15 දින මාරතුගොඩ දී පවත්වන බව යුරෝපයේ ප්‍රධාන සංඝනායක, ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරාධිපති කිරිදිගල්ලේ ධම්මරතන නාහිමියන් සහ දායක සභාව රැස් වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka