gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුරෝපයට පිළිලයක් වූ මහා භයානක දෙයක් ලංකාවටත් ඇවිල්ලා - (Photos)

යුරෝපා රටවල භාවිතා කරන "මෙතැම්පටමයින්" නැමති අති භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ (11) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරාම්කරු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා වෙළඳ සැලක්
පවත්වාගෙන යන 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ රාත්‍රී 9.45 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මොහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මෙතැම්පටමයින් ග්රෑම් 220 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පවසන්නේ.

මෙම මෙතැම්පටමයින් කුඩා කැබලි (Crystal Type ) ලෙස තිබූ ඒවා බවත් , ඒවා කොළඹ ඇතුළු නගර වල ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලා වල භාවිතය පිණිස රැගෙන එන්නට ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සැක කරන්නේ.

ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වුණේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka