ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය ලබා ගැනීමට සඳහා උත්සාහ දරමින් සිටි කී‍්‍රඩකයින්ද එ් අතර වන බවයි වාර්තා වන්නේ.
මෙරට පළමු පෙළ තරගාවලියේ ව්‍යූහය වෙනස් කර තරගවදින කණ්ඩායම් සංඛ්‍යාව 10කට අඩු කළ යුතු බව බව මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ තවත් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු යෝජනා කර
තිබුණා. මෙම යෝජනාවට වත්මන් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පළමු පෙළ තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනාව එම කී‍්‍රඩකයින් මේ වන විට ඉවත් කර ඇති බවද වාර්තා වනවා.
සනත් ජයසූරිය, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වැනි ලෝක පූජිත කී‍්‍රඩකයින් බිහි වූයේ මෙවැනි පළමු පෙළ තරග රටාවකින් බවයි කි‍්‍රකට් ප‍්‍රවීණයින් පවසන්නේ.
ඇතැමුන්ගේ ඕනෑ එපාකම් මත යළි පළමු පෙළ කි‍්‍රකට් ව්‍යූහය වෙනස් කළහොත් ඇද වැටී ඇති කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයම යළි ගොඩනගා ගත නොහැකි මට්ටමට කඩා වැටෙනු ඇති බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.
මේ වන විට ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ උපදෙස්ද අනුව මෙරට පළමු පෙළ කි‍්‍රකට් තරග රටාවේ දුර්වල තැන් හදා ගනිමින් දක්ෂයින් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
හතුරුසිංහව එලවා දැමීමේ සටනක්
2018-01-02T09:04:00+05:30
Gossip Lanka Hot News
slide|