gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රීඩකයින්ගේ විලාසිතාවක් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කී‍්‍රඩකයන්ගේ විලාසිතාවක් තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වනවා.

ඒ අනුව ක්‍රීඩකයන් මාල පැළඳගෙන කී‍්‍රඩා කිරීම තහනම් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන්නේ. ඇතැම් කී‍්‍රඩකයින් බරින් වැඩි
රන් මාල පැළඳ කී‍්‍රඩා කිරීම විලාසිතාවක් කර ගනිමින් සිටින බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහද මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පුහුණුවීම් අතරතුර ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ෆේස්බුක් යාම සහ ගීත ගායනා කිරීම තහනම් කිරීමට ද චන්දික හතුරුසිංහ ඉකුත්දා පියවර ගත්තා.

විනයක් සහිත කී‍්‍රඩකයින් පිරිසක් බිහිකර එ් හරහා යළි ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහී මාවතට රැගෙන එ්ම මෙවන් තීරණ ගැනීමට හේතු වී තිබෙනවා.

කී‍්‍රඩකයින් වැඩි වශයෙන් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් භාවිත කිරීමට යොමු වීම ඔවුන්ගේ පුහුණූවීම්වලටද බාධාවක් වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එවකට කී‍්‍රඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේද මීට පෙර මේ පිළිබඳව අනාවරණයක් සිදු කළා.

ඔහු එහිදී කියා සිටියේ ශී‍්‍ර ලංකා පිල විදෙස් තරග සංචාරවලට එක් වූ අවස්ථාවලදී කී‍්‍රඩකයින් වැඩි වශයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි සඳහා යොමුවන බවයි.

මේ හේතුවෙන් පසුදින පැවැත්වෙන තරගවලදී ඔවුන් දස්කම් අතරට නොපැමිණෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka