gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස්ගේ ලෙඩේ උඩුදිව්වේ ජෛවයාන්ත්‍රික වරදක් නිසා ?

ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලය පුරාවටම ආබාධ රැසකට ලක්වූ අතර, දිගින් දිගටම කලවය ආශ්‍රිතව ආබාධවලට (hamstring injury) ලක්වීමට මැතිව්ස් ජෛවයාන්ත්‍රිකව (bio-mechanically) යම් වරදක් සිදුකරන්නේ යැයි තමා විශ්වාස කරන බව ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සිරි කන්නන්ගර මහතා පවසයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග දුරකතන සංවාදයකට එක්වෙමින්
කන්නන්ගර මහතා පවසා ඇත්තේ මුලින්ම ආබාධයට ලක්වීමට හේතුව මැතිව්ස් අතින් යළි යළිත් සිදුවනු ඇති බවයි.

පසුගිය 22දා ඉන්දියාවට එරෙහිව පැවති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගයේදී ද මැතිව්ස් යළිත් ආබාධයකට ලක්විය.

“පුහුණුකරුවන්, භෞතික චිකිත්සකවරුන් හා වෛද්‍යවරුන් එකට එක්වී මීට හේතු වන වරද සොයාගත යුත්තේ මෙතනයි… අනිවාර්යයෙන්ම ඔහු මේ ආකාරයෙන් ආබාධයට ලක්වීමට යම් ජෛවයාන්ත්‍රික වරදක් සිදුකරනවා… යළි යළිත් ඒ ආතාරයෙන්ම ආබාධය ඇතිවීමට යම් හේතුවක් තිබිය යුතුයි. ටෙන්ඩුල්කාර් ගේ ආබාධ ගතහොත් ඊට හේතු වූයේ බර ක්‍රිකට් පිත්තක්… ඒ ආකාරයට මැතිව්ස් ගේ ආබාධය ඇති වීමට හේතුව ද සොයාගෙන එයට ප්‍රතිකාර කළ යුතුයි,” යැයි ඔහු පවසයි.

“ඇතැම්විට ඔහු පුහුණුවීම් වලට වැඩි බරක් යොදනවා හෝ ශරීර සුවතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරනවා වෙන්නත් පුළුවන්,” යැයි කන්නන්ගර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ක්‍රීඩකයන් ඉක්මනින් ආබාධ වලට ලක්වීමට හැකි පුද්ගලයන් බවත් නිසි පිළියම් යොදා එම තත්ත්වය අවමකරගැනීමට භෞතික චිකිත්සක නිර්මලන් තනබාලසිංහම් මහතා උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඔහු පවසයි.

සාමාන්‍යයෙන් කලවය ආබාධයක් සම්පූර්ණයෙන් සුවවීමට සති 4-6ක් අතර කාලයක් ගතවන බව මහාචාර්යවරයා පවසයි.

දශක තුනක් පුරාවට ඕස්ට්‍රේලියාවේ පාපන්දු කණ්ඩායමේ නිල වෛද්‍යවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය කන්නන්ගර මහතා, බාසිලෝනා, ඇට්ලැන්ටා හා සිඩ්නි ඔලිම්පික් තරගාවලි අතරතුරේදී එරට වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුද විය. ඊට අමතරව ඔහු අර්ජුන රණතුංග, චමින්ද වාස් හා ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ද වසර ගණනාවක් පුරාවට කටයුතු කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka