gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හමුදාව උතුරේ කාන්තාවන්ට බාධාවක් - ආනන්ද සංගරී

යුද්ධය නිමාවී බොහෝ කාලයක් ගතව තිබියදී උතුරේ තවදුරටත් යුද හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ දෛනික ජීවිතයට විශාල බාධාවක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (15 දා) තෛපොංගල් සමය නිමිත්තෙන්
මාධ්‍යවේදීන් පිරිසක් යාපනයේ පිහිටි ආනන්ද සංගරී මහතාගේ නිවසේදී ඔහුව හමු වූ අවස්ථාවේදීය.

මෙලෙස යුදහමුදාව උතුරේ රැඳී සිටීම නිසා දෙමළ වැසියන්ට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වන බව පවසන ඒ මහතා සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් ඔවුන් තවමත් පරිහරණය කරන බවද කියා සිටියි.

සාමාන්‍ය වැසියන්ගේ ඉඩම්වලින් හමුදාව ඉවත් කොට රජයේ ඉඩම්වල ඔවුන්ව කඳවුරු ගත කරන බව රජය ප්‍රකාශ කළත් උතුරු පළාතේ රජයේ ඉඩම් යනු උතුරේ ජනතාව අතර ඉදිරි කාලයේදී බෙදා දීමට ඇති ඉඩම් ප්‍රමාණයක් බැවින් අනාගතයේදී උතුරේ වැසියන්ට ඉඩම් අර්බුදයක් ඇතිවීමට මෙය විශාල හේතුවක් වන බවද සඳහන් කොට තිබේ.

එමෙන්ම යුද හමුදාව උතුරු ප්‍රදේශයේ රැඳී සිටීම නිසා විශේෂයෙන්ම කාන්තාවන්ගේ නිදහසට එය විශාල බාධාවක් බව පවසන ආනන්ද සංගරී මහතා ඔවුන්ට මේ තත්ත්වය මත නිතරම බියෙන් හා සැකයෙන් යුතුව ජීවත් වීමට සිදුව ඇතැයිද පවසයි.

දෙමළ වැසියන්ගේ සංස්කෘතියට අනුව හමුදාවක් රැදී සිටීම කිසිසේත්ම නොගැළපෙන බැවින් උතුරු පළාතේ කිසිඳු හේතුවක් නොමැතිව හමුදාව රැඳී සිටීම තමන් අනුමත නොකරන බවද ආනන්ද සංගරී මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka