gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞදියේ දි මිය ගිය කාන්තාවගේ මෘත දේහය ලංකාවට

සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසයක පමණ කාලයක් ගත වී  ඇති බවත්   මවගේ  මෘත දේහය මෙරටට ගෙන්වා දෙන්නැයි  කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පුතෙකු  මාධ්‍ය මගින් ඉල්ලීමක් කළේය.

ඒ අනුව විදේශසේවා නියුක්ති කාර්යාංශය ඇමැතිනි තලතා අතුකෝරල
මහත්මියගේ මැදිහත්වීම මත ඊයේ (26) මියගිය ගෘහ සේවිකාවගේ මළසිරුර රජයේ වියදමින් නිවසට ගෙන්වා ඇත .

මියගිය ගෘහසේවිකාවගේ මළසිරුර බැලිමට නොහැකි තත්වයේ පැවතීම නිසා පෙට්ටිය සීල් තබා තිබූ  බව පුතා  එන් .කේ .ඒ . ගනුෂ්ක තෙරාජ්  කියයි .

තම මවගේ සිරුර හදුනා ගැනීමට නොහැකි තරමට විරූපී ව තිබුණු බවත් තම මව බවට හදුනා ගනු ලැබුවේ ඇයගේ පාදයේ නියපොත්තක් නොමැතිව තිබු මතකයෙන් බව ද ඔහු ප්‍රකාශ  කළේය.

කිතුල්හිටියාව උළුකැට වැව පාර කැකිරාව ලිපිනයේ පදිංචිව සිටි නෙල්කා දීපානි  කුමාරසිරි යන  තම මව 2011 වසරේ සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස ගිය බවද . පසුව ඇය 2013 වසරේ මෙරටට නැවත පැමිණීමට සූදානම්ව සිටියදී සේවය කළ නිවසේ ඇයට වැටුප් ලබා නොදී එහි සිරකර ගෙන සේවය ලබාගත් බව සඳහන් කළේය.

පසුව 2014 වසරේ මාස ගණනාවක් යන තුරු සිය මව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වූ විට තමන් දැඩි වෙහෙසක් දරමින් මව සෙවීමේ කටයුතු සිදු කළ බවත්. පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කළ පැමිණිල්ලක් අනුව මව මහල් තුනකින්  පහලට ඇද වැටී අසනීප තත්ත්වයේ එරට රෝහලක සිටින බව තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබුණු බවද සඳහන් කළේය.

එසේ රෝගාතුරව සිටි තම මව පසුගිය නොවැම්බර් මාසයේ දහතුන් වන දින මියගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු දුරකථනයෙන් තමන් වෙත දැනුම් දුන් බවත් සඳහන් කළේය.

සිය මව ගේ මෘත දේහය මෙරටට ගෙන්වාගැනීමට තමන් නැවත වරක් මාසයකට අධික කාලයක් වීදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ ඉල්ලීම් සියල්ල අසාර්ථක වූ බව ද සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka