gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දයේ අපේක්ෂකයන් සියයට 10කට හැඳුනුම්පත් නැහැ

මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින්ගෙන් සියයට 10 කට පමණ ජාතික හැඳුනුම්පතක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහිින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ජනමාධ්‍ය ආයතන නියෝජිතයින් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා
සිටියේ මැතිවරණ කොමිසම තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ජනවාරි දෙවනදා ආරම්භ කරන බවයි.

මැතිවරණයේදී තැපැල් ඡන්ද පත්‍රිකා වෙනම ගණනය සිදු නොකරන අතර, ඒවා සමස්ත ඡුන්ද පත්‍රිකා සමග ගණනය කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා අපේක්ෂකයින්ගේ නම් සඳහන් කර භාණ්ඩ බෙදාදීම තහනම් බවද ඔහු අවධාරණය කළා.

මේ අතර පසුගිය 9 වන දා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි හා නීති උල්ලංගණය කිරීම් 31ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා අස්ගිරි - වල්පොල කොට්ඨාශයෙන් තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂිකාවකගේ නිවසක් ඉදිරිපිට කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ මල් වඩමක් තබා ගොස් තිබෙනවා.

එමෙන්ම කඩුවෙල මහ නගර සභාවට - දැඩිගමුව කොට්ඨාශය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙකු සිය මවට සහ මාමන්ඩියට මරණ තර්ජන එල්ලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පැමිණිල්ලක් ලැබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

එම කොට්ඨාශයටම නිදහස් සන්ධානය යටතේ තරග වදින හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුගේ රැස්වීමකට සහභාගිවීම හේතුවෙන් තම පුත්‍රයා මෙලෙස මරණ තර්ජන එල්ල කළ බවයි අදාළ කාන්තාව පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකාර අපේක්ෂකයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය කියා සිටියා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka