gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයහපත් කාලගුණයේ අලුත්ම තොරතුරු

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ආපදාවලින් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 77,481 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් දිස්ති‍්‍රක්ක 16 ක පවුල් 23,884 කට අයත්.

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර දිස්ති‍්‍රක්කයටයි. පවුල් 8,649
ක පුද්ගලයින් 33,977 කට එහිදී බලපෑම් එල්ල වී තිබෙනවා.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ බලපෑමට ලක්ව ඇති සංඛ්‍යාව 19,960 ක්. බදුල්ල, ගම්පහ, කොළඹ සහ මාතර යන දිස්ති‍්‍රක්කවලද පුද්ගලයින් 4,300 කට වැඩි පිරිසකටද බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමණාකරණ අමාත්‍යාංශය පවසන්නේ.

වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 11 ක්. පුද්ගලයින් පස් දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. තුවාල ලැබූ සංඛ්‍යාවද 56 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආරක්‍ෂක ස්ථාන 40 ක රඳවා සිටින සංඛ්‍යාව 4,206 ක්.

මේ අතර  ඕකී සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) අලූයම ප‍්‍රකාශ කළා.

මේ වනවිට එය ස්ථාපිතව ඇත්තේ දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදේ දිවයිනට කිලෝමීටර් 850 ක් ඈතින්. එබැවින් දිවයින කෙරෙහි සුළිකුණාටුවේ බලපෑම ක‍්‍රමයෙන් අඩුවනු ඇති බවටයි අපේක්‍ෂා කෙරෙන්නේ.

එහෙත් අද දිනයේද දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇදහැළෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවලද පැයට කිලෝමීටර් 80 ක් දක්වා වැඩි විය හැකි තද සුළං අපේක්‍ෂා කරන බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයත් සමග ගංගා 4 ක ජල මට්ටම තවදුරටත් පවතින්නේ ගංවතුර තත්ත්වයකයි.

නිල්වලා ගඟ පානදුගම ප‍්‍රදේශයෙන් ගංවතුර මට්ටමක පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. සපුගොඩ ප‍්‍රදේශයෙන් කිරමආර ගංගාවද බද්දේගම ප‍්‍රදේශයෙන් ගිංගඟ ද, මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් කළුගඟ ද සුළු ගංවතුර මට්ටමක පවතිනවා.

මෙම තත්ත්වය ක‍්‍රමයෙන් අඩුවනු ඇති බවට අපේක්‍ෂා කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර ගංවතුර තත්ත්වයකට මුහුණදීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 11 ක් ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර යන දිස්ති‍්‍රක්ක සඳහා අනියුක්ත කර තිබෙනවා. තවත් කණ්ඩායම් 50 ක් සීරුවෙන් සිිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදොරු දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka