gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දු - ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගය අද

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (02) පැවැත්වෙනවා. ඒ, දිල්ලි නුවර ෆෙරෝෂ් ෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදීයි.

දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග එකට
බින්දුවක් ලෙස ඉන්දියාව මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා.

ජය පරාජයෙන් තොරව තරගාවලිය අවසන් කර ගැනීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද ආරම්භ වන ටෙස්ට් තරගය ජයගත යුතුයි.

එහෙත් වාර්තාවලට අනුව ඉන්දීය කණ්ඩායම වසර 30 කින් මෙම කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ කිසිඳු ටෙස්ට් තරගයක් පරාජය වී නැහැ.

අද තරගයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි පැවසෙන්නේ.  ශිකර් දවාන්ට යළි ඉන්දීය කණ්ඩායමේ අවස්ථාවක් හිමිවනු ඇති බවටද පැවසෙනවා.

රංගන හේරත් වෙනුවට ලක්‍ෂාන් සඳකැන් හෝ ජෙෆ්රි වැන්ඩර්සේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ඇති. මීට අමතරව ලහිරු තිරිමාන්න වෙනුවට ධනංජය ද සිල්වාත්, සදීර සමරවීක‍්‍රම වෙනුවට රොෂේන් සිල්වාත් කණ්ඩායමට එක්කර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ. ශී‍්‍ර ලංකා වේග පන්දු බලඇණියද වෙනසක් සිදුවනු ඇති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka