gossip lanka

'අපි පොහොට්‌ටුවෙන්' - මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත 'පොහොට්‌ටුව' ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසිය.

'පොහොට්‌ටුව' ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස්‌
ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්‌ටුව ලකුණෙන් තරග කිරීම ඒකාබද්ධ විපක්‌ෂයේ සියලුම සාමාජිකයන් කැමැත්ත පළකර ඇති බව පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා මෙම මැතිවරණය සඳහා උපරිම ශක්‌තිය යොදවන බව ද කීය.

(දිවයින)


gossip lanka