gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ස්කූබි ඩූ' ඩැෆ්නි ගේ හඬ නිහඬ වේ

‘ස්කූබි ඩූ’ යන නම කිවූ පමණින් බොහෝ දෙනා ගේ මුවගට සිනාවක් නැගෙයි. හැත්තෑ දශකයේ ආරම්භ වූ මෙම කාටූනය දශක කිහිපයක් පුරාවට නොනැවතුනේ එහි රසවත් බව නිසාවෙනි.

එහි ජනප්‍රියත්වය හේතුවෙන්ම මෙම කාටූන් නිර්මාණය සිංහල ඇතුළු
ලොව භාෂා කිහිපයකටම හඬකවනු ලැබුණි.

මෙහි මුල් නිර්මාණයේ ප්‍රධාන චරිතයක් වන ඩැෆ්නි ගේ චරිතයට වසර 33ක් පුරා හඬකැවූ නිළියක් වන හෙදර් නෝර්ත් පසුගියදා මෙලොවින් නික්ම ගොස් තිබේ. ඇය මියගොස් ඇත්තේ නොවැම්බර් 30දා වුවත් ඇගේ වියෝව පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මීට දිනකට පමණ පෙරාතුවය.

මිය යන විට 71 වියේ පසුවූ ඇය, දිගු කලක් පුරාවට රෝගාතුරව සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ස්කූබි ඩූ දෙවැනි එකතුව වූ ‘ස්කූබි ඩූ, වෙයාර් ආ යූ!’ හි ආරම්භයේ පටන් 2003 දක්වා ඇය ඩැෆ්නි ගේ චරිතයට හඬකවා තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka