gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමුතු උණක් නිසා දින 30 ක් ඇතුළත මුලතිව්හි 9 ක් මැරිලා

මුලතිව් ප්‍රදේශය පුරා පැතිරයන උණ රෝගයක් හේතුවෙන් පුද්ගලයින් නව දෙනකු පසුගිය දින 30ක පමණ කාලය තුළ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව මුලතිව් රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙය වෛරස උණ රෝගයක් වන අතර මුලතිව් ප්‍රදේශය පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරෙන බව පැවසේ.
අදාළ උණ රෝගය හේතුවෙන් රෝගීන් 100කට ආසන්න පිරිසක් රෝහල් ගතකොට ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

රෝහල් බලධාරින් පැවසුවේ ඉන්ෆ්ලුවන්සා බී වර්ගයට අයත් උණ රෝගයක් එලෙස පැතිර යන බවට තහවුරු වී ඇති අතර, වැඩිහිටියන් වැඩි පිරිසක් රෝගයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ වනවිට විශේෂ කණ්ඩායම් කිහිපයක් හා වසංගත රෝග මර්දන විශේෂඥයින් කිහිපදෙනෙකු යොදවා ඇති බවත් කියති.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka