gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හතුරුසිංහට මාසිකව මිලියන 6ක්!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම වෙනුවෙන් චන්දික හතුරුසිංහ හට මාසිකව රු. මිලියන 06ක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ගිවිසුමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කරන අන්දමට මෙම ගිවිසුම් යෝජනාව ශ්‍රී
ලංකා ක්‍රිකට් සභාපති - තිලංග සුමතිපාල විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරු - ග්‍රැහැම් ෆෝඩ් හට රු.මිලියන 1-2ක් අතර ගෙවීමක් මාසිකව සිදුකර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරු ලෙස එක්වන ලෙස යෝජනා කළ කාලයේදී හතුරුසිංහ බංගලාදේශ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි අතර,ඒ වන විට ඔහු හා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර නෝක්කාඩු පැවති බවද සන්ඩේ ලීඩර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

(ද සන්ඩේ ලීඩර් ඇසුරෙනි)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka