gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සරසවියේ පාලු තැනකදී නවක වදයට නතු වූ සිසුවා සිහිසුන් වෙයි

දරුණු ලෙස නවක වදයට ලක්වීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වූ පේරාදෙණිය විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ පළමු වසර සිසුවෙක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිසුවා දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර නිවසේ සිට
යළි විශ්ව විද්‍යාලයට පැමිණෙමින් සිටියදී ගලහා මංසන්ධියේදී ශ්‍රාස්ත්‍ර පීඨ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් සිය ග්‍රහණයට ගෙන විශ්ව විද්‍යාල භූමියේ ජන ශූන්‍ය ප්‍රදේශයකට රැගෙන ගොස් දරුණු ආකාරයෙන් නවක වදයට ලක් කරමින් සිටියදී සිහිසුන්ව ඇදවැටී තිබෙනවා.

පසුව අදාළ සිසුන් පිරිස ඔහුව පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී සිදු කෙරුණු මූලික ප්‍රතිකාරවලින් පසු සිසුවා සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.

අදාළ රෝහලට පවසා ඇත්තේ තමන් සමග සිටි මිතුරෙකු හදිසියේ රෝගී වූ බැවින් රෝහල වෙත රැගෙන පැමිණි බවයි.

පසුව විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ මගින් අදාළ සිසුවාව පෞද්ගලික රෝහලෙන් රැගෙන ගොස් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙනවා.

ඉකුත් 16 වැනිදා සිදුව ඇති මෙම සිදුවීමෙන් පසු එම සිසුවා තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සහ පොලිසිය මගින් පරීක්ෂණ සිදු කරනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka