gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සා.පෙළ සමයේ දුම්රිය දුවන්න වර්ජකයින්ගෙන් කොන්දේසියක්‌

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ මැදිහත් වී සිය වෘත්තීය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක්‌ ලබාදෙන බවට පොරොන්දු වුවහොත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වනතුරු හෝ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වී අද (13 වැනිදා) සිට සාමාන්‍ය දුම්රිය ධාවන කටයුතුවල නිරත වන බව දුම්රිය මෙහෙයුම්
අධීක්‍ෂණ නිලධාරි සංගමයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා  ඊයේ (12 වැනිදා) පැවසීය.

මේ වන විටත් බලධාරීන් කිසිදු විසඳුමක්‌ ලබා දෙන බවට පොරොන්දු වී නැති බවත් සිය ඉල්ලීම් ලබාදෙනතුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බවත් පැවසූ ඒ මහතා, බලධාරීන් සාකච්ඡාවකට හෝ එකඟතාවකට කැමැත්ත පළ කළහොත් පාසල් දරුවන් අපහසුතාවට පත් නොකර විභාගය සඳහා දුම්රිය පහසුකම් ලබා දෙන බවත් විභාගය අවසන් වූ පසු නැවත වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත් ආරියරත්න මහතා සඳහන් කළේය.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක්‌ කර ඇති බවට රජය ප්‍රකාශ කළ ද වැටුප් තලයක පවතින අර්බුදය ඇතුළු අනිකුත් ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තුරු තම සේවය අහිමි කළ ද වෘත්තීය ක්‍රියාමාර්ග අත්නොහරින බව ඒ මහතා කීවේය.

දුම්රිය නියාමක, දුම්රිය රියෑදුරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්‌ථානාධිපතිවරුන්ගේ සංගම් වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරතව සිටිති.

 -දිවයින



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka