gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැඩිම ළමා අපයෝජන කොළඹ දිස්ත්‍රික්කයෙන්

මේ වසරේ ගතවූ කාලය තුළ වැඩිම ළමා අපයෝජන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් එවැනි සිද්ධීන් 1232 ක් පිළිබඳව
තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කර සිටියාය.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් එවැනි පැමිණිලි 925 ක්, කළුතරින් පැමිණිලි 550 ක්, කුරුණැගලින් 647 ක්, රත්නපුරෙන් 490 ක්, ගාල්ලෙන් 546 ක්, යාපනයෙන් 177 ක්, වව්නියාවෙන් 122 ක්, මඩකලපුවෙන් 170 ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 125 ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 117 ක් පිළිබඳ තොරතුරු ලැබි තිබේ.

එමෙන්ම පසුලිය 8 දා දක්වා ගතවූ කාලය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත. ඉන් පැමිණිලි 2037 ක් ලැබි ඇත්තේ ළමයින් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් බව සභාපතිවරිය ප්‍රකාශ කළාය.

ඊට අමතරව ලිංගික අතවර කිරීම් පිළිබඳ පැමිණිලි 481 ක් ලැබී ඇති අතර බරපතල ලිංගික අපයෝජන 284 ක් ලැබී ඇත. වයස අවුරුදු 18 ට අඩු ස්ත්‍රී දූෂණ 332 ක්, ළමා ශ්‍රමිකත්වයට අදාළ පැමිණිලි 246 ක්ද වාර්තා වී ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka