gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය වර්ජනය උග්‍ර වෙයි! බස්රථවල දැඩි තදබදයක්

දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කළ වර්ජනය තවමත් කි‍්‍රයාත්මකයි. ඊයේ දිනයේද වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 276 ක් අවලංගු කෙරුණා. ඊයේ දිනයට නියමිත දුම්රිය ගමන් වාර 340 න් ධාවනය කෙරුණේ ගමන්වාර 64 ක් පමණක් බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා. අද පෙරවරුවේ කාර්යාලීය දුම්රියන් 8 ක් පමණක් ධාවනය කිරීමට
සැලසුම් කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය  කියාසිටියේ.

සාමාන්‍යයෙන් දෛනිකව උදෑසන කාලයේ කොළඹ කොටුව සහ මරදාන වෙත දුම්රියන් සියයකට වැඩි ප‍්‍රමාණයක් පැමිණෙනවා. වර්ජනයත් සමග අද උදෑසන තත්ත්වය ඊයේ දිනයට වඩා වඩා උග‍්‍රවනු ඇති බවයි දුම්රිය එන්ජින් රියදුරන් පවසන්නේ. අලූයම 5 ට මහනුවරින් කොළඹ කොටුව බලා දුම්රියක් පිටත් වූ අතර, අලූයම 5.30 ට රඹුක්කනින්ද තවත් දුම්රිය කොළඹ කොටුව බලා පිටත්ව තිබුණා. හලාවතින්ද එක් දුම්රියක් අලූයම 5 ට පිටත් වූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. පොල්ගහවෙල, මහව, හලාවත, මාතර සහ අවිස්සාවේල්ලෙන්ද එක් දුම්රිය බැගින් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

සිය ගැටළුවලට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මැදිහත්වී විසදුම් ලබා නොදුනහොත් වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සදහන් කළේ.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිති ද  ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනයක් ආරම්භ කළා. ඒ, වැටුප් ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්. මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට අද දිනයේ දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න පැවසුවේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් බස්රථවල දැඩි තදබදයක් පවතින ආකාරය අද අළුයම සිට දක්නට ලැබුණා.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka