gossip lanka

හම්බන්තොට වරාය ගිවිසුම පාර්ලිමේන්තුවට

හම්බන්තොට මාගම්පුර වරාය, චීන මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම ස්ථාපිත කිරීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ ඊයේ (7) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී
ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය.

මෙම ගිවිසුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරේ.

මෙම ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වු පසු ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම සහ හම්බන්තොට වරාය සේවා සමාගම සිය වැඩ කටයුතු හෙට (9) සිට ආරම්භ කරයි.

හවුල්කාර සමාගමක් ලෙස පවත්වා ගෙන යාමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් වරාය සමාගම අත්සන් තැබුවේ මෙම වසරේ ජුලි 29 වැනිදාය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ කොටස්වලින් සියයට 58 ක් හම්බන්තොට වරාය සේවා සමාගමහට අයිති වන අතර කොටස්වලින් සියයට 42 ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවේ.

gossip lanka