gossip lanka

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී අත්සන් කළේය.

අද උදෑසන සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට යැවූ බවත් ජනාධිපති
ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා  පැවසීය.

සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර ගනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.


gossip lanka