gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගොවීන් කබලෙන් ලිපට - දිස්ත්‍රික් කිහිපයක පොහොර හිඟයක්

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පොහොර හිඟයක් පවතින බවට ගොවීන් චෝදනා කරති.

ගොවින් පවසන්නේ මේ නිසා කලට වේලාවට පොහොර නොයෙදීම හේතුවෙන් අපේක්ෂිත අස්වැන්න ලබා ගත නොහැකි වන බවයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්
කරුණාරත්න මහතා දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ගොවීන් පොහොර හිඟකමින් පීඩා විදින බවයි.

පොහොර හිගයත් සමඟ වැඩි මිලට ඇතැමුන් පොහොර අලෙවි කරන බවට ද වාර්තා වී ඇති බව ඔහු පැවසීය.

මහ කන්නය සඳහා වී ගොවිතැන් සිදු කළ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඇති වී තිබෙන පොහොර හිඟය පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියහ.

ඔවුන් එහිදී පෙන්වා දුන්නේ පවතින ගැටළු හමුවේ ඉදිරි පරම්පරාව වී ගොවිතැන සඳහා යොමු වීමේ අඩුවක්ද දක්නට ලැබෙන බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka