gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බියර්වලින් කාර් දුවන දවස ළඟයි - පෙට්‍රල්,ඩීසල් වලට ආයුබෝවන්

මෝටර් රථ ධාවනයේදී ඛණිජ තෙල් වෙනුවට බියර් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට කළ පර්යේෂණයක් සාර්ථකව අවසන් වී ඇති බව වාර්ථා වේ.

පෙට්‍රල් හා ඩීසල් වෙනුවට ඉන්ධනයක් ලෙස බියර් භාවිතා කරම ගැන
බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දිර්ඝ කාලයක් පර්යේෂණ පවත්වා තිබුණි.

බියර් වල තිබෙන එතනෝල් බියුටොනෝල් බවට පරිවර්ථනය කළහොත් ඉන්ධන ලෙස භාවිතා කළ හැකි බව අවසානයේදී  මෙම පර්යේෂකයන් සොයා ගෙන ඇත.

බියර් යොදා ගෙන මෙම පර්යේෂණය කිරීමට පෙර  වයන් යොදා ගෙන මෙම පර්යේෂණය කර තිබුණි.

වයින් වල ඇති එතනෝල් බියුටනල් බවට පරිවර්ථනය කිරීම මෙම පර්යේෂණ වල අරමුණ විය.

පර්යේෂණ අධියර කීපයකට පසු වයින්වල ඇති එතනෝල් බියුටනල් බවට පරිවර්ථනය කිරීමට නොහැකි බව තහවුරු වී ඇත.

යම් හෙයකින් එසේ පරිවර්ථනය කිරීමට හැකි වුවත් එමගින් මෝටර් රථ වලට සිදුවිය හැකි හානිය උපරිම විය හැකි බවට මෙම විද්‍යාඥයින් අනාවරණය කරගෙන තිබේ.

පසුව මෙම පර්යේෂණය බියර් යොදා ගෙන කළ අතර ඉන් සාර්ථක ප්‍රථිපල නොලා ගැනීමට හැකි වී ඇත.

මෙම නව ඉන්ධනය යොදාගෙන සාර්ථකව මෝටර් රථයක් ධාවනය කර තිබේ.

එබැවින් ඉදිරියේදී ඛණිජ තෙල් වෙනුවට මෝටර් රථ ඉන්ධනයක් ලෙස බියර් භාවිතයට ගැනීම ජනප්‍රිය විය හැකි බවට විද්‍යාඥයින් මත ඵල කර ඇත.

කෙසේ වෙතත් බියර් වල ඇති එතනෝල් බියුටනල් ලෙස පරිවර්ථනය කරන කාර්යය ඉතා අසීරු කටයුත්තක් බව මෙම පර්යේෂණ වලදී තහවුරු වී තිබේ.

නමුත් එම අභියෝගයද ළගදීම සාර්ථක ලෙස ජය ගන්නා බව මෙම පර්යේෂණ කණ්ඩායමේ විද්‍යාඥයකු වන මහා චාර්ය ඩන්කන් වෙස් පවසා ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka