gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ වන්දනාකරුවන් මුහුදින් ඉන්දියාවට !

ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන්ට මුහුදු මර්ගයෙන් ගොස් තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායිහි චිදම්බර්ම්හි පිහිටි තිල්ලෙයි නටරාජා (Thillai Nataraja Temple) හින්දු කෝවිල වැඳපුදාගැනීමට ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදී ඇත.

ඉන්දියාවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඉන්දීය
මධ්‍යම රජය විසින් මේ අවසරය ලබාදී තිබේ.

ඒ අනුව කන්කසන්තුරේ සිට චෙන්නායි දක්වා බෝට්ටු මාර්ගයෙන් මෙම සිද්ධස්ථානයට ගමන් කිරීමට අවසරය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එම කෝවි‍ලේ මංගල්‍ය අද (25) දිනයෙන් ආරම්භ වන අතර එය ජනවාරි මස 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම අවසරය හරහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් විශාල සංඛ්‍යාවකට අදාළ සිද්ධස්ථානය වැඳපුදා ගැනීමට හැකියාව පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටී.

මේ අතර ඉන්දීය මධ්‍යම රජය විසින් ගනු ලැබූ මෙම තීරණය තමිල්නාඩු දේශපාලනඥයන්ගේ පැසසුමට ලක්ව ඇතැයි ද පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka