gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වතුකරයේ දරුවෝ අධ්‍යයනය හැර යති !

දිවයින පුරා වතුකරයේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 25 කට ආසන්න ප්‍රමාණයක් විවිධ හේතුන් මත ඉහළ අධ්‍යාපනයක් නොලබා වාර්ෂිකව පාසල් හැර යන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයක දී හෙළි වී තිබේ.

අදාළ සමීක්ෂණයට අනුව වතු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් පාසල්
හැර යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වතුකරය තුළ පවතින දරිද්‍රතාවයයි.

ඊට අමතරව ප්‍රමාණවත් ගමනාගමන පහසුකම් නොමැති වීම, ආරක්ෂිතව ඉදිකළ ගොඩනැගිලි ස්ථාපිත කර නොතිබීම, ප්‍රමාණවත් ගුරුවරුන් හා අධ්‍යාපන මෙවලම් නොමැතිකමද ඒ සඳහා බලපා තිබේ.

උසස් අධ්‍යාපනය සියයට එකයි !

මේ පිළිබඳව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් මහතාගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ අදාළ සමීක්ෂණයට අනුව සා.පෙළ. විභාගයට මුහුණ දෙන වතුකරයේ පාසල් ළමුන්ගෙන් සියයට 7 කට ආසන්න ප්‍රමාණයක් උසස් පෙළ විභාගය හැදෑරීමට සුදුසුකම් ලැබූවත් ඉන් සියයට 01 කට ප්‍රමාණයක් පමණක් උසස් අධ්‍යාපනය හදාරන බවයි.

දිවයිනේ ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන පාසල් 3,000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව ද ප්‍රකාශ කළ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ලක්ෂ 10 කට ආසන්න සිසුන් ප්‍රමාණයකට ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරු 70,000 කට ආසන්න ප්‍රමාණයක් ද සිටින බව ප්‍රකාශ කළේය.

එහෙත් පොදුවේ පාසල් සංවර්ධනය සහ විෂය සමගාමීව සිදු විය යුතු සංවර්ධනය පසුබෑමකට ලක්ව තිබීම කනගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka