gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා පිළට ලැබෙන අවසන් අවස්ථාව මෙන්න

පරාජයන් රැල්ලකට හසුව සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මෙම වසර ජයග‍්‍රහණයකින් නිමා කිරීමට අද (24) එක් අවස්ථාවක් හිමිව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර 3වන සහ අවසන් පන්දුවාර විස්ස තරගය මුම්බායි නුවර වන්කඩේ කි‍්‍රඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7.00ට ආරම්භ වනවා. තරග 3කින් සමන්විත මෙම පන්දුවාර විස්ස තරගාවලිය 2ට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.

මෙම වසර ශී‍්‍ර ලංකා කණ්ඩායම දරුණුම පසුබෑමකට ලක් වූ වසරක් ලෙසයි සැලකෙන්නේ. මෙම වර්ෂයේදී පන්දුවාර විස්ස තරග 14කට එක් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන් ජයගැනීමට සමත් වුණේ තරග 4ක් පමණයි. පරාජය වූ පන්දුවාර විස්ස තරග සංඛ්‍යාව 9ක්.

ගත වූ වසර දෙකේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තරග 30කට සහභාගිවී තිබෙනවා. එහිදී ශී‍්‍ර ලංකාව ජය වාර්තා කර ඇත්තේ තරග 8ක් පමණයි. ගත වූ වසර දෙකේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තරග 22ක් පරාජයට පත්ව තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka