gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෞතුකාගාරය තවමත් අනාරක්ෂිතයි !

2012 වසරේ දී කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදු වූ කෞතුකවස්තු සොරකමින් අනතුරුව මේ දක්වා කෞතුක වස්තුවල ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව විශේෂ විමර්ශන වාර්තාවක් මඟින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

2012-08-16 දින රාත්‍රීයේ දී ජාතික කෞතුකාගාරයේදී සිදු වූ කෞතුක වස්තු සොරකමින් රන් ආලේපිත අසිපත් 8ක්, බස්තමක හිස කොටසක්, රන් මුදු 6ක්, දඹරන් කහවනු 92ක්, ඉපැරණි මුදල් තොගයක් සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිත කළ අසිපතක් අස්ථාන ගත වී තිබුණි.


මේ පිළිබඳව රාජ්‍ය ගිණුම් කාරකසභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ ජාතික කෞතුකාගාරයේ කෞතුක වස්තු සොරකම සිදු වී වසර 5ක කාලයක් ගත වී ඇතත් ජාතික කෞතුකාගාරයේ නිසි පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කර නොමැති බවයි.

රාත්‍රී  කාලයේ දී දර්ශන ලබා ගැනීමට නොහැකි වීමෙන් දැනට  පවතින කැමරා පද්ධතියේ දුර්වලතා රැසක් පවතින බවත් අදාළ විශේෂ වාර්තාවෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළ බව නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් පැවසිය.

ලෝකයේ වෙනත් රටවල ජාතික කෞතුකාගාරවල සොර සතුරු, ගිනි ආරක්ෂාව පිළිබඳව ක්‍රියාත්මක ආරක්ෂිත පද්ධති පිළිබඳව අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් විශේෂඥ කණ්ඩායමක් උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කිරීම තුළින් ජාතික කෞතුකාගාරයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව ජාතික කෞතුකාගාරයේ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka