gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නත්තලට පෙරපු දේශීය ඒවා මාට්ටු !

නත්තල් සමයේ අලවි කිරීමට කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි පෙරුම්

පොලක් වටලා කසිප්පු සහ කසිප්පු නිපදවීමට ගන්නා උපකරණ තොගයක්ද එක් සැකකරුවකුද මුන්දලම පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි අයෙකි.

ඊයේ (23) සවස මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය - මහාමාඑළිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස් නිලධාරීන් වැටලීම සිදු කරන විට සැකකරු තම නිවසේ මුළුතැන් ගෙය තුළ කසිප්පු නිෂ්පාදනය කරමින් සිට ඇත.

එම ස්ථානයේ තිබී නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් 50 ක්ද, කසිප්පු නිෂ්පාදනය කිරීමට ගන්නා ගෝඩා මිලි ලීටර් 58,500 ක් අඩංගු බැරල් 03 ක්ද,
තඹ දගරයක් ඇතුළු කසිප්පු නිපදවීමට ගන්නා උපකරණ කට්ටලයක්ද පොලිස් 
බාරයට ගෙන ඇත.

තමන් විසින් නිෂ්පාදනය කරන කසිප්පු ආඩිගම - මදවක්කුලම ප්‍රදේශයට තොග වශයෙන් අලවි කරන බව සැකකරු වැටලීම කළ නිලධාරීන් හමුවේ
පවසා ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ කසිප්පු තොගය හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක,පොලිස් සැරයන් 27775 ප්‍රේමසිරි,පොලිස් කොස්තාපල්වරුන් වන 14375

ගුණතිලක, 75785 චන්දන, 72520 නාලක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ජූඩ් සමන්ත - හලාවත වාර්තාකරු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka