gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිධන් හාරමින් සිටි චීවරධාරීන් දෙදෙනා කොටුවෙති

බෙරලපනාතර ඇල්ල උඩහේන ප්‍රදේශයේ නිල්වලා ගඟ ආශ්‍රිත අතු ගංගාවක්‌ අසල නිධන් හාරමින් සිටි චීවරධාරීන් දෙදෙනකු හා තවත් පුද්ගලයන් සිව්දෙනකු දෙනියාය පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකාය ඉකුත් 20 දින අළුයම 2.00 ට පමණ මොවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවී ඇත.

 මෙම සැකකරුවන් කලවාන හා කුරුවිට ප්‍රදේශවල පදිංදිකරුවන් වන අතර චීවරධාරීන් දෙදෙනා හික්‌කඩුව ප්‍රදේශයේ විහාරස්‌ථානයක වාසය කරන බවට අනාවරණය වී ඇත.

මේ සඳහා සම්බන්ධ ප්‍රදේශයේ පුද්ගලයකු පිළිබඳ පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ජර්මනියේ නිෂ්පාදිත රු.ලක්‍ෂ 80 ක්‌ වටිනා පොළව යට රත්‍රන් තිබේදැයි පරීක්‍ෂා කෙරෙන "ස්‌කෑනර්" යන්ත්‍රයක්‌, ගල්කැඩීමට භාවිතා කෙරෙන ඩි්‍රල් යන්ත්‍රයක්‌, ගල් මොලොක්‌ කිරීම සඳහා භාවිත කෙරෙන කෙමිකල් කෑන් 3 ක්‌, වයර් රෝලක්‌, පාතාල අඳුන නමැති කොපුවක බහා තිබූ භාණ්‌ඩයක්‌, පූජා භාණඩ, නවීන පන්නයේ මෝටර් රථයක්‌, යතුරු පැදි දෙකක්‌, දෙහිකවරයක්‌, ජංගම දුරකථන 4 ක්‌ මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

දෙනියාය විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි චමින්ද කූරඹගේ මහතා ඇතුලු නිලධාරි පිරිසක්‌ මෙම වැටලීම සිදුකළහ.

වැඩිදුර පරීක්‍ෂණ සඳහා මෙම සැකකරුවන් හා භාණ්‌ඩ ඌරුබොක්‌ක පොලිසියට බාරදී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka