gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දූෂිත වායුව මැද්දේ පැවැත්වුණු ඉන්දු - ශ්‍රි ලංකා අවසන් ටෙස්ට් තරගයේ අමතක නොවන අවසානය

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවති තුන්වන ටෙස්ට් තරගය අද ජය පරාජයෙන් තොරව නිමාවුණා.

නවදිල්ලි නුවර පෙරේෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 7 ක්
දැවී ලකුණු 536 ක් රැස් කර ශ්‍රි ලංකාවට පළමු ඉනිමට පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක විරාත් කෝලි ලකුණු 243 ක් රැස් කළා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාවට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 373 ක් පමණයි.

ශ්‍රි ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 164 ක් රැස් කළ අතර ඇන්ජලේ මැතිව්ස් ලකුණු 111 ක් රැස් කළා.

දෙවන ඉනිමේදී ඉන්දීය ක්‍රීඩකයන් කඩුලු 5 ක් දැවී ලකුණු  246 ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

ඒ අනූව තරගය ජය ගැනීමට ශ්‍රි ලංකාවට ලැබුණු ඉලක්කය ලකුණු 410 ක්.

ශ්‍රි ලංකා දෙවන ඉනිම ‍වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 119 ක් රැස් කළ අතර රොෂේන් සිල්වා ලකුණු 74 ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු නොදැවී ලකුණු 44 යි.

දිනය නිමා වන විට ශ්‍රි ලංකා පිලේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 299 ට කඩුලු 5 ක් ලෙසයි.

තරගයේ සහ තරගාවලියේ වීරයා විරාත් කෝලි.

තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස ඉන්දියාව ජය ගත්තා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka