gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහන්ගේ බලාපොරොත්තු සුන් කර ඉන්දියානු පිල දැවැන්ත ජයක් සමඟ ඉතිහාසගත වූ හැටි

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තීරණාත්මක දෙවන විස්සයි විස්ස තරඟය ජය ගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ (22) සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ ලකුණු 88කින්.

ඉන්දෝර් හි හොල්කාර් ක්‍රීඩාංගනයේදී පැවති තරඟයේ පළමුව පන්දුවට
පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 05ක් දැවී ලකුණු 260ක් රැස්  කළා.

ඉන්දීය කණ්ඩායම රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දීය කණ්ඩායමක් පන්දුවාර 20 තරඟයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් වුණා.

ඉන්දියාව වෙනුවෙන් එම කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ලකුණු 118ක් රැස් කළේ පන්දුවාර 20 තරඟයකදී පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම ශතකයට හිමි ලෝක වාර්තාව සම කරමින්.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා ඉන්දීය කඩුලු 02ක් බිඳ දැමූ අතර දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දාවා ගත්තා.

ලකුණු 261ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 02ක් තුල කඩුලු 09කට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 172ක් පමණයි.

පන්දු යැවීමේදී ඇතිවූ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩා ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් ලකුණු 77ක් රැස් කළ අතර උපුල් තරංග ලකුණු 47ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා ලකුණු ලබා ගන්නට පෙර දවා ගන්නට කුල්දීප් යාදෙව් සමත් වුණා.

පන්දු යැවීමේදී යුශ්වේන්ද්‍ර චාහල් කඩුලු 04ක් බිඳ දැමු අතර කුල්දීප් යාදෙව් කඩුලු 03ක් බිඳ දැමුවා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 03කින් සමන්විත 20-20 තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ඉන්දීය කණ්ඩායම ජය ගත්තා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka