gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්කෝටි හැට ලක්ෂයකගේ පෞද්ගලිකත්වය ආණ්ඩුව අතට

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලු පුරවැසියන් පිළිබඳ ජාතික පුද්ගල නාමලේඛනයක් සකස් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විජයානි ගුණතිලක මහත්මිය කියා සිටී.

එම ජාතික පුද්ගල නාමලේඛනයට සියළුම පුරවැසියන්ගේ ජීවදත්ත,
ඇඟිලිසලකුණු, බිරිඳ දෙමාපියන් පිළිබඳ ඇතුළු පවුලේ ළඟම ඥාතීන්ගේ තොරතුරු ද ඇතුළත් කිරීමට නියමිත බවද ඇය සඳහන් කරයි.

නාමලේඛනය සැකසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ග්‍රාම නිලධාරීන්ගේ සේවය ද ලබා ගැනීමට නියමිත අතර මේ කාර්ය සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් ආරම්භ කිරීමට ද නියමිත බව පැවසේ.

ඇඟිලි සලකුණු හා දත්ත ලබාගැනීම ග්‍රාම නිලධාරීන් විසින් ගෙන්ගෙට ගොස් සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය උපකරණ සැපයීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සැපයීමට නියමිතය.

අදාළ නාම ලේඛනය 2019 වසර අවසන් වන විට මීළඟ මහ මැතිවරණය හා ජනාධිපතිවරණයට පෙර සකස් කිරීමට සැලැසුම්කර ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අනුව වයස අවුරුදු 15ට වැටි එක්කෝටි හැට ලක්ෂයකගේ තොරතුරු එකතු කිරීමට නියමිත බව පැවසේ.

අදාළ උත්සාහය මීට පෙර රාජපක්ෂ රෙජීමය පැවැති අවස්ථාවේද පැවැති අතර ඊට සිවිල් සංවිධාන ඇතුළු සමාජයෙන් එල්ලවූ විරෝධය හේතුවෙන් එය හකුළා ගත්තේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka