gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ලොකු පුටුවල ළඟදීම ලොකු වෙනසක්...!

එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවල වෙනස් වීමක් සිදු කිරීමට නියමිත බව වාර්තාවෙයි.සාමාජික සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීමකදීය සිදු කිරීමට නියිමිත මෙය ජනවාරි මස 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.,

මෙම විශේෂ මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන්
ලේකම් ධුරය දරන මොහාන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට පුරප්පාඩුව පවතින උපසභාපති ධුරය ඔහුට ලබාදී දේශීය ක්‍රිකට් ගොඩනැංවීමට දේශීය ක්‍රිකට් ප්‍රධානී තනතුර පිරිනැමීමට නියමිත බවට අනාවරණය වේ.

මෙම උපසභාපති ධුරයේ මීට පෙර කටයුතු කළේ ජයන්ත ධර්මදාස මහතා වන අතර, වත්මන් පරිපාලනයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව කලකිරී ඔහු ඉල්ලා අස්විය. මේ අනුව මොහාන් ද සිල්වා මහතා උපසභාපති තනතුරට පත් කිරීමත් සමග පුරප්පාඩු වන ලේකම් ධුරයට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩන්වල හෝ ගුවන් හමුදාවේ නිලධාරියෙකු වන රොෂාන් බියන්වල පත් කිරීමේ සූදානමක් පවතින බවටද හෙළිවේ.

මේ අතර මෙතෙක් දේශීය ක්‍රිකට් ප්‍රධානී වශයෙන් කටයුතු කරමින් සහ ජාත්‍යන්තර ක්‍රිකට්වල වැඩ බලන ප්‍රධානී වශයෙන් කටයුතු කළ උපසභාපති කේ. මතිවානන් මහතාව ඉදිරියේදී පූර්ණ වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට නියමිතය.

මීට අමතරව රවීන් වික්‍රමරත්න දරන උපලේකම් තනතුර සහ ශම්මි සිල්වා දරන භාණ්ඩාගාරික  යන තනතුරුද වෙනස් වීමට වැඩි ඉඩක් පවතින බවට හෙළිවේ.

එමෙන්ම මෙම විශේෂ මහා සභා රැස්වීම පවත්වනුයේ තවත් වසර දෙකකින් වත්මන් පරිපාලනය දීර්ඝ කරගැනීමට නොවන බවත්, ලබන වසරේ මැයි මස 31 වැනිදායින් පසුව යළිත් නිලවරණයකින් නව පරිපාලනයක් පත්කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka