gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමාන්‍ය පෙළ ලියන සිසුවියට මෝටර් රථය තුළදී අතවර කරන්න ගිහින්

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවකට මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කිරීමට තැත් කළ සිද්ධියක් වාර්තා වෙනවා.

ඊයේ (12) මුලතිව් පොලීසියට මේ පිළිබඳව පැමිණිල්ල ලැබී තිබෙනවා.

එහිදී සිසුවියගේ මව පවසා ඇත්තේ දෙසැම්බර් මස 9 වෙනිදා සවස
අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම සඳහා ටියුෂන් ගුරුවරයෙකු විසින් අධ්‍යාපන ආයතනයක් තුළ සංවිධානය කර තිබූ උපකාරක පන්තියකට සිය දියණිය සහභාගී වූ බවයි.

පසුව, උපකාරක පන්තිය අවසන් වන විට රාත්‍රී 7.00 පමණ වී ඇති අතර සිසුවිය තනිවම නිවසට ඒමට සූදානම් වූ අවස්ථාවේදී ටියුෂන් ගුරුවරයා දියණියව ඔහුගේ මෝටර් රථයේ නංවාගෙන නිවසට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඒ අතරතුර පාලු  ප්‍රදේශයකදී මෝටර් රථය නවතා දියණියට ලිංගික අතවර කිරීමට ටියුෂන් ගුරුවරයා උත්සහා ගෙන තිබෙනවා.

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකු විසින් මෙම අතවරය කිරීමට උත්සහා කර තිබුණා.

එහිදී සිය දියණිය මෝටර් රථයෙන් බැස දිව ගොස් ඇති අතර පසුව නිවසට පැමිණියත් ඒ පිළිබඳව කිසිවක් සඳහන් කර නැහැ. නමුත් ඇය එම සිද්ධිය ඇගේ නැන්දණියට පැවසීමෙන් පසුව ඇය ඒ බව තමන්ට පැවසූ බවයි සිසුවියගේ මව විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ.

මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාල ටියුෂන් ගුරුවරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka