gossip lanka

යුද හමුදාවට අලුත් මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් !

නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස 58 වැනි සේනාංකාධිපතිව සිටි බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පත්කළ බව යුද හමුදා මුලස්ථානය පවසයි.

මෙතෙක් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් රොෂාන්
සෙනවිරත්න මහතා 51 වැනි සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්කර ඇත.

මෙම නව පත්වීම් ලබන 22 වැනි දා සිට බලපැවැත්වෙන බවද යුද හමුදා මූලස්ථානය පවසයි.



gossip lanka