gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයෙන් කොළඹ නගර සභාවට රෝසි සේනානායක

එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමෙන් පසුව කොළඹ මහ නගර සභාව සඳහා පමණක් පුරපති අපේක්ෂකත්වය නම් කර ඇති අතර,
අනෙකුත් සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභාවල නගරාධිපති, උප නගරාධිපති හා සභාපති යන තනතුරු විවෘතව තැබීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මීට පෙර පැවැති පළාත් පාලන මැතිවරණවලදී මහනගර සභාබොහෝමයක පුරපති ධුර අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය.

පක්ෂයේ ඊළඟ පරම්පරාවට ඉදිරියට ඒමට සලසා දෙන වැදගත් පියවරක් ලෙස සලකා මෙවර පළාත් පාලන මැතිවරණයේදි අනෙකුත් පළාත් පාලන ආයතනවල තනතුරු නම් නොකරන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka