gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයේ බඩු බෙදිල්ල ගැන නාමල් කතා කරයි

යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කර තිබේ.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම මේ ලංකාව පුරාම යහපාලන
ආණ්ඩුවේ යහපාලනය ගේන්න ආපු මැති ඇමතිවරු මැතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ණය 250ක් දීලා තියෙනවා, ඉඩම් බෙදනවා, සිමෙන්ති කොට්ට බෙදනවා. දැන් පොලිස්පතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යට කිව්වා මැතිවරණ නීති උල්ලංඝණය කළොත් දැඩි නීති ක්‍රියාත්මක කරනවා කියලා. අපි ස්වාධීනයි කියන මැතිවරණ කොමසාරිස්තුමාගෙන් අහන්නේ, ස්වාධීනයි කියන පොලිස්තුමාගෙන් අහන්නේ ඔබ තුමන්ලාගේ ස්වාධීනත්වය තියෙන්නේ ආණ්ඩුවට පමණද? රජයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරපු ලලිත් වීරතුංග මහත්තයාට නඩු දැම්මා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු ඇමතිවරයා බඩු බෙදනවා, මේ පක්ෂේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයා බඩු බෙදනවා. මේ සියල්ලම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නෙවෙයි. මේ ආණ්ඩුව මේ අවුරුදු තුන හමාරක් ප්‍රතිපත්තියක් තිබුණේ නැහැනේ. මේ තනිකර ඇමතිවරුන්ගේ අත්තනෝමතික තනි ඉල්ලීම මත තනි ක්‍රියාකාරකමක් මත කරන මංකොල්ලකෑමක්. ඒ නිසා කරුණාකරලා ලේකම්තුමන්ලා ලලිත් වීරතුංග මහත්තයාගේ නඩු තීන්දුව මතක තියාගෙන වැඩ කෙරුවොත් හොඳයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka