gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගණිතය ෆේල් වෙයි කියන බයට O/L සිසුවා ජීවිතය නැති කරගනී

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු දීමට අපොහොසත් වීම නිසා දැඩි ලෙස සිත් තැවුලට පත් වූ බව කියන දිඹුලාගල ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යයකු පෙරේදා (18 වැනිදා) වස පානය කර සියදිවි හානිකරගෙන ඇත.

මෙසේ දිවි නසා ගෙන ඇත්තේ අරලගංවිල කැකුළුවෙල පදිංචි 17 හැවිරිදි
ඉෂාර ජනිත් චන්ද්‍රසිරි නමැති ශිෂ්‍යයෙකි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්නපත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමට අපොහාසත් වූ බව කියමින් මෙම ශිෂ්‍යයා දැඩි සිත් තැවුලින් සිටි බව ඔහුගේ පියා පොලිසියට පවසා ඇත.

පසුව මෙම ශිෂ්‍යයා තමන් පදිංචි නිවස ආසන්නයේ ඇති වෙල්යායක්‌ වෙත ගොස්‌ වස පානය කර තිබේ.

ශිෂ්‍යයා වස පානය කර ඇති බව දැනගත් ඔහුගේ පවුලේ සාමාජිකයෝ සහ අසල්වාසීන් ඔහු රෝහලට රැගෙන ගොස්‌ ඇති අතර ඊයේ පෙරවරුවේ ඔහු මිය ගොස්‌ ඇත.

මෙම ශිෂ්‍යයා අධ්‍යාපන කටයුතුවලට අති දක්‍ෂයකු බවත් පාසලේ සෑම වාර පරීක්‍ෂණයකදීම පළමු ස්‌ථානය දිනා ගෙන ඇති බවත් පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka