gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කවුඩුල්ලේ අලින් බලන්න දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරෙයි… ආදායම ලක්ෂ 2500ත් පනී…

වන අලින් නැරඹීමට වැඩි ප්‍රසිද්දියක් දරන හෙක්ටයාර් 6200 ක භූමිවපසරියකින් යුතු කවුඩුල්ල ජාතික වනොද්‍යනයේ මේ දින වල දෙස් විදදෙස් සංචාරකයිනගෙන් පිරී පවතින අතර මේ වසරේ (2017) මෙතෙක් පමණක් රුපියල් ලක්ෂ 2560 කට අධික බවට කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු ඩබ්ලිව්.ජේ.කේ. හේරත් මහතා කියා සිටියේය.

හෙක්ටයාර් 6200 ක භූම වපසරියකින් යුතු කවුඩුල්ල ජාතික
වනොද්‍යානයට තවත් වාසියක් වී ඇත්තේ හෙකටයාර් 8300 ක භූමියකින් යුත් කවුඩුල්ල මින්නේරිය වන පිවිසුමත් හෙක්ටයාර් 8300 ක් වූ විශාල මින්නේරි ජාතික වනෝද්‍යානයද, හෙක්ටයාර් 9100 ක් වූ වියාල සෝමාවති ජාතික වනොද්‍යානයද වටේට පිහිටා තිබීම හේතුවෙන් වන අලින් දිනකට 500 ත් 600 ත් අතර ප්‍රමාණයක් සංචාරකයින්ට ඉතා සමීපව නැරඹීමට අවස්ථාව උදා වන හෙයින් සංචාරකයින්ගේ පැමිණීම ඉහල ගොස් ඇති බවට කවුඩුල්ල ජාතික වනෝද්‍යානය භාරකරු කියා සිටියේය.

එමෙන්ම කවුඩුල්ල ජාතික වනොද්‍යානයේ තණ බිම් ඉතා විශාල වශයෙන් පිහිටා තිබීමත් තිණ බිම් පහලින් වැවී තිබීමත් නිසා වන අලින්ගේ පාදයේ සිට සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව උදාවෙයි.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට පිවිසෙන සියලුම දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද වනොද්‍යානය සංචාරකයින්ගෙන් පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන්ද විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර ඇති බවටද කවුඩුල්ල ජාතික වනෝද්‍යාානයේ භරකරු ඩබ්ලිව්.ජේ.කේ.හේරත් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka