gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහය!

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා එක්සත් ජනපද ඩොලර් 604,731 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක මුදලක්) ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය තීරණය කර ඇත.

ජපානයේ ‘මානව ආරක්ෂා ව්‍යාපෘතිය’ යටතේ මෙම මුදල ශ්‍රී ලංකාවට
හිමිවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ සංහිඳියාව යන්න අරමුණු කරගනිමින් උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර සමාජ සමගිය සඳහා ඩෙව්ලෝන් සහයෝගය සංවිධානය එම ව්‍යාපෘතිය ක්‍රියත්මක කරයි.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ රට අභ්‍යන්තරයේ අවතැන් වූ පුද්ගලයන්ට ජීවත්වීම සඳහා බිම් බෝම්බවලින් තොර ආරක්ෂිත ප්‍රදේශ ස්ථාපිත කිරීමත් නැවත පදිංචිය සඳහා සුදුසු ස්ථාන ඇති කිරීමේ ශ්‍රී ලංකා රජයේ උත්සහායට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බව ද ජපන් රජය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා සහ සමාජ සමගිය සඳහා ඩෙව්ලෝන් සහයෝගය සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආනන්ද චන්ද්‍රසිරි යන මහත්වරු අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

ජපන් රජය 2003 වසරේ සිට මේ දක්වා උතුරු හා නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 32ක් බව ද පැවසේ.

(ලංකාදීප)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka